බිත්ති පුවත්පත by Group 03

සීගිරිය
සීගිරිය ක්‍රි.ව. 5 වන සියවසේදී පළමුවන කාශ්‍යප රජු විසින් ඉදිකරන ලද නිර්මාණයක් ලෙස සැලකේ. එය ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, භූමි දර්ශන උද්‍යාන කලාව සහ ජල කළමනාකරණය මැනවින් නිරූපණය කරන ස්ථානයකි. 1982 දී සීගිරිය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

සීගිරිය පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයෙහිය. අඩි 600 ක් පමණ උස කන්දක් වටා සීගිරිය ගොඩනගා ඇත. පුරාවිද්‍යාඥයින් විසින් සීගිරිය මුල් කාලයේ බලකොටුවක් ලෙසත් පසුව නගරයක් ලෙසත් හඳුනාගෙන ඇති අතර මෙතෙක් සිදු කර ඇති පර්යේෂණවලට අනුව සීගිරියේ ඓතිහාසික අවධි 8ක් හඳුනාගෙන තිබේ. ඒවා පහත පරිදිය,

සීගිරිය ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ජනාවාස වී තිබෙන්නට ඇත. ක්‍රි.පූ. 5 වන සියවසේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සැදැහැවතුන් විසින් සකස් කරන ලද ගල් ලෙන් ආරාම මෙහි තිබී ඇත. පළමුවන කාශ්‍යප රජු විසින් උද්‍යාන සහ මාළිගා ඉදිකරන ලදී. කාශ්‍යප රජුගේ මරණයෙන් පසු 14 වන සියවස දක්වා මෙය ආරාම සංකීර්ණයක් ලෙස පැවති අතර පසුව එය අභාවයට ගියේ ය.

සීගිරියේ ඇති විශේෂ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ:

සීගිරි බිතු සිතුවම් පෙරදිග චිත්‍ර කලාවේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකේ.

සීගිරි කැටපත් පවුර ගල් බිත්තියේ කුරුටු ගී වලින් සමන්විත වන අතර එය සීගිරියේ ඇති වැදගත් ස්ථානයකි

තවද සීගිරි ජල උද්‍යාන ඊජිප්තුවේ සහ පර්සියාවේ ජල උද්‍යානවලට සමාන වන අතර ජ්‍යාමිතික සමමිතික අතින් ලොව අනෙකුත් උද්‍යානවලට දෙවැනි නොවේ.

සීගිරිය ශ්‍රී ලංකාවේ පවත්නා ඉතා වැදගත් ලෝක උරුමයකි.

සීගිරියෙහි ඡායාරූපයක්